ඔබට අපගේ සුභාශිංසන......

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඩබ්.ඒ.එම්.එන්.කුමාරි මිය

දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගන අප පාසල බස්නාහිර පළාතේ ගම්පහ අධ්‍යාපන කලාපයේ ඇති දීප්තිමත් පාසලකි.අධ්‍යාපනයේ ජාතික අරමුණු ඉටුවන පරිදි 21 වන සියවසේ ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි වන පරිදි පූර්ණ පෞර්ෂයකින් හෙබි දරු පිරිසක් බිහි කිරීම සඳහා පාසල පදනම් කර ගත් සැලසුම් සහගත වැඩපිළිවෙලක් පාසල තුළ ක්‍රියාත්මක වන අතර අප පාසලේ සිසු දරුවන් කලාප,පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් ලබා ඇත.පාසලෙන් බිහීවූ කීර්තිමත් ආදී සිසුන් බොහොමයක් වර්තමානයේ රටට ඵලදායී තනතුරු මෙන්ම ව්‍යාපාර රැසක් දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරති.

අප පාසැල තොරතුරු තාක්ෂණ අංශයෙන්ද අද වන විට විශාල දියුණුවක් අත් කර ගෙන ඇත.සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය,පරිගණක විද්‍යාගාර වැඩිදියුණු  කිරීම සහ ගුරුවරුන් තුල පරිගණක සාක්ෂරතාවය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කල පුහුණු වැඩසටහන් ආදිය ඒ සදහා හොදම නිදසුන්ය.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා සහය දුන් සැමට මාගේ හද පිරි ස්තූතිය පිරිනමන අතර සිසු දරු දැරියන්ගේ යහ ගුණ මෙන්ම අධ්‍යාපනය දිනෙන් දින දියුණු වේවා යි ! ප්‍රාර්ථනා කරමි.

ඩබ්.ඒ.එම්.එන්.කුමාරි මිය
නියෝජ්‍ය විදුහල්පති
ශාන්ත මරියා මහා විද්‍යාලය ,වේයන්ගොඩ.