ඔබට අපගේ සුභාශිංසන......

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

01. පාසල් වෙලාව  -පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා 

02. පෙ.ව 7.15 වන  විට  සෑම සිසුවෙක්ම පාසලට  පැමිණීම අපේක්ෂා කෙරේ.

03. අත්‍යවශ්‍ය කරුණක්  පාසල් වෙලාව තුලදී විද්‍යාලයෙන් පිටව  යාමට සිසුවෙකුට අවශ්‍යනම් ඒ  සදහා ශිෂ්‍ය වාර්තා පොතෙහි වෙන්කර  ඇති  ස්ථානයේ දෙමාපියන් ලව සටහන් කරවා ගෙන පැමිණිය යුතුය.

04. විද්‍යාලීය සියලු කටයුතු වලදී සිසුන් සම්පුර්ණ නිල ඇදුමෙන් සැරසී පැමිණිය යුතුය .නිල ඇදුම.කොණ්ඩය සහ පාවහන් පිලිබදව විද්‍යාලයේ සපයන උපදෙස් පිළිපදින්න.

05. ස්වර්ණාභරණ පැලදීම තහනම්ය.ශිෂ්‍යාවන්ට පමණක් කුඩා චාම් කරාබු දෙකක් පැලදීමට අවසර ඇත.

06. නියපොතු අනවශ්‍ය ලෙස දික් කිරීම තහනම්ය,වර්ණ  ගැන්වීම සහ ක්‍රීම් වර්ග තහනම්ය 

07. නුසුදුසු ලිපි ලේඛන,සගරා,පොත් පත් ,විද්යුත් මාධ්‍ය ලග තබා  ගැනීම.හුව මාරු කිරීම සහ  ඊට අනුබල දීම සම්පුර්නයෙන්ම තහනම්ය.

08. ජංගම දුරකථන රැගෙන එම  සහ භාවිතය ද සම්පුර්ණයෙන්ම  තහනම්ය.විද්‍යාලිය භුමිය තුලදී හමුවන් සිසුන් සතු  ජංගම දුරකථන කාර්යාලීය භාරයට ගනු ලැබේ.

09. ආපන ශාලාව සහ පොත් අලෙවිසල භාවිතයට අවසර  ඇත්තේ පාසැල ආරම්භ  වීමට පෙර  සහ දිවා විවේක  කාලයේදී සහ පාසල අවසන් වූ පසුව පමණි.

10. සියලුම  සිසුන්   සහ  පාසල් භුමිය  පිරිඉදුව  තබා  ගැනීමට  වග බලා ගත යුතුය.පාසලේ  ඇති භෞතික සම්පත් ප්‍රවේශමෙන් පරිහරණය කල යුතුය.

11. පොලිතින් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය තහනම්ය.දිවා ආහාරයෙන් පසු ඉතිරිවන  දේ පාසල්  භුමිය  තුල  නොදම ආපසු රැගෙන ය යුතුය.

12. උදැසන පාසලට   එන අතර  තුළදීත්.ආපසු  පාසැල   අවසන්  වී නිවසට  යන අතර තුළදීත්    .පොදු ස්ථාන සහ පොදු  වාහන අතර තුළදීත් සිසුන්  විද්‍යාලයේ ගෞරවයට හානියක් නොවන සේ විනිතව හැසිරිය 
යුතුය. අවිනිතව හැසිරෙන  සිසුන්  පිලිබදව පැමිණිලි ආ  විගස ඒ  ගැන  විනයානු  කුඅව  කටයුතු  කරනු ලැබේ.

13. විද්‍යාලයේ නම භාවිත කරමින්  කිසිදු   පුවත් පතකට සගරාවකට ලිපි පල  කිරීම  තහනම්ය සම්මන්ට්‍රනයකට හෝ සාකච්චාවකට සහබාගි වීමට පෙර විදුහල්පතිතුමාගෙන් පුර්ව අවසරය ගත යුතුය.

14. තමාගේ පෞද්ගලික පිරිසිදු භාවය පිලිබදව උපරිම. ආකාරයට සොයා බලා එයට ගැලපෙන  සේ හැසිරිය යුතුය.

15. අනවශ්‍ය මාල,වළලු,කොණ්ඩා කටු පැලදීම සම්පුර්ණයෙන්ම තහනම්ය